23 වන දිගහැරීම. අවසන් කොටස
23 වන දිගහැරුම කාමරයට පිටතින් මාධවගේ වේගවත් පියවර ශබ්දය බිත්තිවල වැදී දෝංකාර දුන්නේය. "මේඝ! මේඝ!" ඔහු බියෙන් හා නොසන්සුන්තාවයෙන් මුසු වූ හඬින් මොරගෑවේය. නිලධාරීන් කණ්ඩායමක් ද සමඟ මාධව කාමරයට කඩා වැදුණේ සියල්ල අතපසු වී ඇතැයි යන බියෙනි. එහෙත්, ඔවුන් ඉදිරියේ දිගහැරුණේ කිසිවෙකුටත් සිතාගත නොහැකි දර්ශනයකි. මන්දිරයේ බිත්තිවල පැලීම් මතින් මකුළු දැල් එල්ලෙමින් තිබුණි. ගෘහ භාණ්ඩ උඩුයටිකුරු වී විසිරී තිබුණද, මීට මොහොතකට පෙර මුළු මන්දිරයම වෙලාගෙන තිබූ ඒ අඳුරු, භයානක අද්භූත වායුගෝලය මීදුමක් මෙන් අතුරුදහන් වී තිබුණි. කාමරයේ මැද මේඝ ඉතා සන්සුන්ව, ස්ථාවරව සිටගෙන සිටියේය. ඔහුගේ දෙනෙත්වල කිසිදු චකිතයක් නොවීය. ඔහු අසල බිම වැටී, පපුව දැඩි ලෙස ගැහෙමින් හුස්ම ගැනීමට පවා මහත් අපහසුවෙන් මෙන් මරණාසන්නව සිටියේ, මීට සුළු මොහොතකට පෙර අද්භූත බලයෙන් වියරු වැටී සිටි කළු ලෝගුකාරයාය. අදෘශ්‍යමාන බලවේගවලින් පරිපූර්ණව සිටි ඔහු, දැන් කිසිදු බලයක් ඉතිරි නොවූ, අසරණ සාමාන්‍ය මිනිසෙකු බවට පත්ව සිටියේය. මාධවගේ දෑස් විස්මයෙන් පුළුල් විය. ඔහු වහාම බිම වැටී සිටි කළු ලෝගුකාරයා වෙත දිව ගියේය. "අවසාන...