Posts

23 වන දිගහැරීම. අවසන් කොටස

Image
         23 වන දිගහැරුම කාමරයට පිටතින් මාධවගේ වේගවත් පියවර ශබ්දය බිත්තිවල වැදී දෝංකාර දුන්නේය. "මේඝ! මේඝ!" ඔහු බියෙන් හා නොසන්සුන්තාවයෙන් මුසු වූ හඬින් මොරගෑවේය. නිලධාරීන් කණ්ඩායමක් ද සමඟ මාධව කාමරයට කඩා වැදුණේ සියල්ල අතපසු වී ඇතැයි යන බියෙනි. එහෙත්, ඔවුන් ඉදිරියේ දිගහැරුණේ කිසිවෙකුටත් සිතාගත නොහැකි දර්ශනයකි. මන්දිරයේ බිත්තිවල පැලීම් මතින් මකුළු දැල් එල්ලෙමින් තිබුණි. ගෘහ භාණ්ඩ උඩුයටිකුරු වී විසිරී තිබුණද, මීට මොහොතකට පෙර මුළු මන්දිරයම වෙලාගෙන තිබූ ඒ අඳුරු, භයානක අද්භූත වායුගෝලය මීදුමක් මෙන් අතුරුදහන් වී තිබුණි. කාමරයේ මැද මේඝ ඉතා සන්සුන්ව, ස්ථාවරව සිටගෙන සිටියේය. ඔහුගේ දෙනෙත්වල කිසිදු චකිතයක් නොවීය. ඔහු අසල බිම වැටී, පපුව දැඩි ලෙස ගැහෙමින් හුස්ම ගැනීමට පවා මහත් අපහසුවෙන් මෙන් මරණාසන්නව සිටියේ, මීට සුළු මොහොතකට පෙර අද්භූත බලයෙන් වියරු වැටී සිටි කළු ලෝගුකාරයාය. අදෘශ්‍යමාන බලවේගවලින් පරිපූර්ණව සිටි ඔහු, දැන් කිසිදු බලයක් ඉතිරි නොවූ, අසරණ සාමාන්‍ය මිනිසෙකු බවට පත්ව සිටියේය. මාධවගේ දෑස් විස්මයෙන් පුළුල් විය. ඔහු වහාම බිම වැටී සිටි කළු ලෝගුකාරයා වෙත දිව ගියේය. "අවසාන...
Image
    22 වන පරිච්ඡේදය දැවමය දොරවල් එකිනෙක ගැටෙමින් මහා ශබ්දයකින් වැසී ගියේය. ඒ සමඟම මන්දිරයේ අඳුරු කොරිඩෝව නිහඬ විය. මේඝ තනිවම ඒ මහා අන්ධකාරයට බිලි විය. මන්දිරයේ වාතය පවා රහස්වලින් බර වී තිබුණි. පිටත ඇද හැලෙන මහ වැස්සේ ශබ්දය, මන්දිරයේ අභ්‍යන්තරයේ වූ මළගමක වැනි බිහිසුණු නිශ්ශබ්දතාවය හමුවේ ක්‍රමයෙන් දුරස් වී ගියේය. මේඝ තම පිස්තෝලයේ මිට තදින් අල්ලාගෙන, මන්දිරයේ උඩුමහලේ කොරිඩෝව දෙසට පියවර තැබීය. සෑම පියවරක්ම බිම වැදෙද්දී නැගෙන හඬ, තමන්ගේම හද ගැස්ම තරමටම ඔහුට තීව්‍ර ලෙස ඇසුණි. ඔහු කෙළින්ම ගියේ සුලෝචනාගේ කාමරයටය. වසර ගණනාවක් තිස්සේ දූවිලි සහ අඳුරේ සැඟවී තිබූ තම මවගේ කාමරය, තවමත් ඇයගේ සුවඳින් සහ යම් අද්භූත කම්පනයකින් වෙලී තිබිණි. කාමරයේ මැද වූ ඇඳ අසලට ලගා වූ මේඝ සිය මුළු ශක්තියම යොදා ඇඳ තල්ලු කළේය. උමඟේ රහස් දොරටුව ක්‍රියාත්මක වීමට නම්, ඒ ඇඳ නිශ්චිත කෝණයක, නියමිත ස්ථානයේම තිබිය යුතුය. එය බිම පිරිමැදෙන මහා හඬක් නිකුත් කරමින්, කාමරයේ බිම ඇද තිබූ සලකුණු හා සමපාත වන සේ නිවැරදි ස්ථානයට තල්ලු විය. දැන් කාලය පැමිණ ඇත. මේඝ තම සාක්කුවෙන් රතු පාෂාණය ගත්තේය. අඳුරු කාමරයේ තිබී ...
Image
    21 වන දිගහැරුම මේඝගේ මුවින් පිටවූ ඒ කෑගැසීම කාමරයේ බිත්ති අතර දෝංකාර දී එක මොහොතකින් නිහඬ විය. එහෙත් ඒ නිහඬතාවය සාමාන්‍ය එකක් නොවීය, එය මරණයක සීතල දරාගත් අද්භූත නිහඬතාවයකි. තවමත් රතු මැණික අතේ තදින් මිරිකාගෙන ගල් ගැසී සිටි මේඝ දෙස මාධව බලා සිටියේ බිය මුසු වූ වේදනාවකිනි. හදිසියේම, කාමරයේ කොනක වූ අඳුර ඝන තිරයක් මෙන් එකට එකතු වන්නට විය. කාමරයේ තිබූ හුස්ම ගත හැකි උණුසුම ක්ෂණයකින් වියැකී ගොස්, ඇට මිදුළු සිඳෙන තරමේ මහා ශීතලක් වටාපිටාව වෙලා ගත්තේය. ඒ අඳුරේ ගැඹුරින්, යම් අමනුෂ්‍ය චලනයක් සමඟ පියදාසගේ රූපය මතුව ආවේය. ඔහුගේ සිරුර යථාර්ථය සහ මිත්‍යාව අතර දෝලනය වන අස්ථිර ඡායාවක් වැනිය. පියදාසගේ මුහුණේ ඇඳී තිබුණේ වචනයෙන් විස්තර කළ නොහැකි තරම් බරැති ශෝකයකි. දශක ගණනාවක් තිස්සේ තමන් පමණක් දරා සිටි රහස්වල බර ඒ මැලවුණු දෑස්වලින් කියැවිණි. අඩි බිම නොතබා, අදෘශ්‍යමාන රැල්ලක පාවී එන්නාක් මෙන් ඔහු පැමිණ මේඝ අභියස නතර විය. ඔහුගේ දෑසින් කඳුළක් වැටුණේ නැත; ඒ වෙනුවට ඔහුගේ මුහුණ පුරාම තැවරී තිබුණේ කිසිවෙකුට දරාගත නොහැකි වූ මහා වගකීමේ බරකි. "පියදාස... මොකක්ද මේ වෙන්නේ? මේ විකාරය මොකක්ද? දැන්වත් මට ඇත්ත...

සිහින මන්දාකිණී 2/12

Image
  12 වන දිගහැරුම එදා වගේම නපුරාගේ කාර් එක හරවන්නේ එයාගේ හුරුපුරුදු රෙස්ටුරන්ට් (Restaurant) එකට කියලා මට තේරුණා. කාර් එකට නැග්ග වෙලාවේ ඉඳලා මේ වෙනකම් මමවත් නපුරාවත් එක වචනයක්වත් කතා කළේ නැහැ. එයා හිතට ආපු ලොකු කේන්තියක් පාලනය කරගන්න ලොකු උත්සාහයක යෙදෙනවා කියලා මට තේරුණා. පුරුදු විදිහටම රෙස්ටුරන්ට් එකේ කාර් එක පාක් (Park) කරපු නපුරා, ලොකු හුස්මක් පිට කරමින් මගේ දිහාට හැරුණා. "මන්දාකිණි..."  "සර්..." "ඔයා මේ කරපු දේ හුඟක් බරපතළයි. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, ඒක වෙලා ඉවරයිනේ. ඉස්සෙල්ලම මට කියන්න ඔයා ගෙදරින් එනකොට කවුද ගෙදර හිටියේ කියලා?"  "හේමා නැන්දා විතරයි සර්." "සිකියුරිටි (Security) අංකල්?"  "එයා කෑම කන්න ගිහින් හිටියේ." "විශා ආන්ටි කොහොද?"  "අම්මා උදේ අමිත අයියලාගේ ගෙදර ගියා. එනකොට හවස් වෙයි."  "හ්ම්... වෙලාවට!" නපුරා කිව්වේ එච්චරයි. එතකොටම නපුරාගේ ෆෝන් එක රින්ග් (Ring) වෙන්න ගත්තා.  "මේ පේනවාද?" නපුරා ෆෝන් එකේ ස්ක්‍රීන් (Screen) එක මට පෙන්නුවේ කේන්තියෙන්. ඒකේ වැටිලා තිබුණේ ගෙදර නම්බ...