Posts

Showing posts from April, 2026

සිහින මන්දාකිනී 1 / 1 දිගහැරීම

Image
  1 වන දිගහැරුම "නම මොකක්ද?"  "මන්දාකිණි රත්නායක සර්.."  "තමුන්ට සර්නෙම් එක තියෙන්නෙ නමේ අගට විතරද?"  "නැ..නැහැ සර්.."  "එහෙනම් ඉතින් ෆුල් නේම් එක කියනවද කරුණාකරලා?"  "රත්නායක මුදියන්සේලාගේ අහස්‍යා මන්දාකිණි රත්නායක."  "හරි... දැන් මිස් රත්නායක ඇයි මෙතෙන්ට ආවෙ...?"  "ඉන්ටවිව් එකට සර්.."  "එතකොට තමුන් හිතනවද, තමුන්ට මෙතන ජොබ් එක ලැබෙයි කියලා?"  "ලැබෙයි කියලා ලොකු බලාපොරොත්තුවකින් තමා සර් ආවේ."  "තාමත් ඒ බලාපොරොත්තුව තියනවද?"  "තියෙනවා... ඒත් ලැබෙන ඕනෑම තීරණයක් බාරගන්න ලැහැස්තියි සර්."  "බොහොම හොඳයි. මොකද තමුන් හිතන් හිටියට තමුන්ට මෙතන ජොබ් එක ලැබෙයි කියලා, මෙතන තමුන් වගේ අයට දෙන්න ජොබ් නෑ." "ඒකට කමක් නෑ සර්. ඒත් මට දැනගන්න පුළුවන්ද ඒ ඇයි කියලා? සර්ලා මාව ඉන්ටවිව් කළේ නැහැනේ."  මම මෙතනට එනකොට හිතන් හිටියෙ Dream T.V කියන්නේ හොඳ රූපවාහිනී නාලිකාවක් කියලා. ඒත් ඒකෙ අයිතිකාරයගෙ රැස් වළල්ල Dream TV වහගෙන ඉන්නවා කියලා මට තේරුණේ මෙතෙන්ට ආවට පස්සේ. කොහෙද යන ම...

දඟකාර ආඩම්බරී 4

Image
        4 වන දිගහැරුම "ක්‍රිෂී... ඔයා ඇතුළෙද...?" "ඔව් වරෙන් සාදි ඇතුළට, මම මේ එහෙ එන්න ලෑස්ති වුණේ." "උඹට ඊයේ තිබුණ තදියමේ හැටියට මම හිතුවා පාන්දර හය වේද්දිවත් අපේ ගෙදර ඉඳියි කියලා..." "මට තිබුණ හදිස්සියට මම එන්නෙ පාන්දර හයට නෙමේ බං, දෙකට තුනට. කොහෙද ගෙදරින් පැන ගන්නත් එපායැ. ඒක නෙමේ, කාත් එක්කද ආවේ...?" "තාත්ති එක්ක. තාත්ති සුදු සීයා හම්බෙන්න එනවා කිව්වා. ඉතින් මාත් පැනගෙන ආවා." "ආනේ... චන්දු අංකල් ආවද...? කෝ...?" "අන්න පහළ භවන්ත අයියයි, සුදු සීයයි එක්ක චැට් එක දාගෙන ඉන්නවා." "ඕ... මයි.... ගෝඩ්! එතන දෙන්නම ඉන්නවද...?" "ඒ දෙන්නා විතරක් නෙමේ ක්‍රිෂී.. මුළු ෆැමිලි එකම ඉන්නවා. ශනු හිටන්." "අනේ දෙයියනේ... අවසරේ ගන්න නම් සෑහෙන ගේමක් දෙන්න වෙයි. කමක් නෑ 'ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි' (Try and try, one day you can fly) කියනවනේ... වරෙන් යන්න." හෙල්මට් එකත් සාදියා අතට දීලා වෙනදා වගේම ඇහිපිය ගහන වේගෙන් පහළට බැස්සට කට්ටිය ඉන්න තැනට ගියේ ලේනෙක්ට කුරුමානම් අල්ලන පූසෙක් වගේ. කට්ටි...