Posts

Showing posts from March, 2026

දඟකාර ආඩම්බරී 2

Image
02 වන දිගහැරුම "නෝනා... වඩේ එකක් කමුද...?" මෙච්චර වෙලා කල්පනා ලෝකේ පාවෙවී ඉඳපු මාව මේ ලෝකෙට ගෙනාපු දේවදූතයා මොකාද කියලා බලන්න පිටිපස්ස හැරුණම මට පුදුම හිතුණා. දැනට අවුරුදු දෙකකට උඩදී හිටිය වඩේ අයියා චුට්ටක්වත් වෙනස් වෙලා නෑ කියලා මට තේරුණේ පිටිපස්ස හැරුණ ගමන්මයි. ඒ වුණාට හැමදාම එයාගෙන් වඩේ කාපු ක්‍රිෂීව එයා පොඩ්ඩක්වත් අඳුනගෙන නෑ වගේ. ඉස්සර මායි සාදියයි මේ යකාව කොච්චර බයිට් කරලා තියෙනවද...? මාව අඳුන්වලා දෙනවද නැද්ද කියන එක නම් පොඩි අවුලක් තියෙනවා. මොකද ඉස්සර තරහවල් මේ යකා දැන් පිට කරයිද කවුද දන්නේ..? "නෝනෝ... මොනාද අප්පා දෙයියනේ මගේ මූණ දිහා බලාගෙන කල්පනා කොරන්නේ...?" "නෑ…. නෑ…. අංකල් මට වඩේ දහයක් දෙන්නකෝ." අංකල් වඩේ උරේට දාන ගමනුත් දෙපාරක් තුන්පාරක් මං දිහා බලනවා මම ඇහේ කොනට දැක්කා. මිනිහා මාව අඳුන ගත්තද මන්දා. කෝකටත් මිනිහගේ මතක ශක්තිය චෙක් කරලා බැලුවොත් හොඳයි කියලා මට හිතුණේ මිනිහගේ ඇක්ෂන් හින්දමයි. මතකය නැත්නම් අහල පහල තියෙන ෆාමසියකින් අරගෙන මතක පෙත්තක්වත් ගිල්ලවන්න බැරියෑ. "අංකල් මොකද මං දිහා අමුතු විදියට බලන්නේ...?" "නෑ නෝනා, මට නෝනව හො...

දඟකාර ආඩම්බරී 1

Image
                                                                  01 වන දිගහැරුම. "ක්‍රිෂී, තමුසෙ දන්නවද? මම කවදාවත් තමුසෙට ආදරේ කළෙත් නෑ... කරන්නෙත් නෑ..." "ඉඳුවර, ඔයා... ඔයා... මොනවද මේ කියන්නෙ ඉඳුවර? මට හිතාගන්නවත් බෑ. දෙයියනේ, ඔයා මට ආදරේ කළත් නැත්නම්, කරන්නෙත් නැත්නම් ඇයි ඔයා මෙච්චර මගෙ පස්සෙන් ආවේ? ඇයි මට ආදරේ කරනවා, මට ඔයා නැති ලෝකයක් නෑ ක්‍රිෂී කිය කියා දහඅතේ දිවුරුවේ? ඇයි ඉඳුවර? ඒ ඇයි?" "ක්‍රිෂී, ඉස්සෙල්ලා තමුසෙගෙ තත්ත්වෙ තේරුම් ගන්නවා. තමුසෙ කෙල්ලෙක්ද, කොල්ලෙක්ද කියලා හොඳට හිතලා බලනවා." "එතකොට ඔයා මට ආදරේ කළේ බොරුවටද ඉඳුවර?" "අන්න දැන් තමයි ක්‍රිෂී ඔයා නියම පොයින්ට් එකට ආවේ. මෙන්න මෙහෙමයි ඩාලිං සිද්ධිය වුණේ." මං දිහා මහා චාටර් විදිහට බලලා අමුතු හිනාවක් දාන ගමන් ඉඳුවර කිව්වේ මහ අමුතු විදිහටය. "ක්‍රිෂී අපි යමු, මම දන්නවනෙ උඹේ හැටි." මගෙ අතින් අදින ගමන් සාදි කෑගහනවා. ඒකී නම් ඉඳුවරව සත පහකටවත් ගණන් ගන්නේ නැත. "නෑ...