![]() | ||||||||||||||||||
1 දිගහැරුම
|
සීතල මන්දිරය 1 කොටස [අභිරහස් කතා/නවකතා]
1 දිගහැරුම මේඝගේ අඳුරු කුටිය තුළ තිබුණේ මළගෙයක නිහඬතාවයකි . දහවල් කාලයේ පවා ජනෙල් රෙදි තදින් වසා තිබූ අතර, කාමරය පුරාවට පැතිරී තිබුණේ දුම්කොළ, මත්පැන් සහ දින ගණනාවකින් හිරු එළිය නොදුටු දූවිලි මුසු පිලී ගඳකි . මේසය මත තිබූ අළු බඳුන සිගරට් කොටවලින් පිරී ඉතිරී ගොස් තිබුණි. ඔහු සිටියේ ඇඳ මත වාඩි වී හිස් බැල්මකින් බිත්තිය දෙස බලාගෙනය. ඔහුගේ දෑස් යට කළු වී කම්මුල් ඇතුළට ගිලී තිබුණි . කලක් අපරාධ විද්‍යාවේ ජීවමාන පුස්තකාලය යැයි විරුදාවලිය ලත් ඒ තියුණු පරීක්ෂකයාගෙන් අද ඉතිරිව ඇත්තේ ඇටසැකිල්ලක් බඳු රුවක් පමණි . බීමත්කම නිසා සේවයෙන් නෙරපා හැරීම ඔහුට කිසිසේත්ම වේදනාවක් නොවීය. ඔහුට වේදනාව වූයේ තමා පණ මෙන් ආදරය කළ ගැහැනිය තමාගේම ඇස් ඉදිරිපිට තවත් අයෙකුගේ අත පතා යන අයුරු දැකීමයි. මේඝ මේසය මත තිබූ මත්පැන් බෝතලය අතට ගෙන එක උගුරට අවසන් කළේ හදවතට දැනුණු අධික වේදනාවට එකම ඔසුව එය වූ බැවිනි . කාමරයේ දොර විවෘත වන හඬක් ඇසුණද මේඝ සිටි තැනින් සෙලවුණේවත් නැත. “උඹට මේ සෙල්ලම නතර කරන්න අදහසක් නැද්ද මේඝ?” මාධවගේ ගැඹුරු හඬ කාමරයේ බිත්තිවල හැපී දෝංකාර දුන්නද මේඝ සෙලවුණේවත් නැත. මාධව පියවර කිහිපයක් ඉදි...


Comments
Post a Comment