01 වන දිගහැරුම. "ක්රිෂී, තමුසෙ දන්නවද? මම කවදාවත් තමුසෙට ආදරේ කළෙත් නෑ... කරන්නෙත් නෑ..." "ඉඳුවර, ඔයා... ඔයා... මොනවද මේ කියන්නෙ ඉඳුවර? මට හිතාගන්නවත් බෑ. දෙයියනේ, ඔයා මට ආදරේ කළත් නැත්නම්, කරන්නෙත් නැත්නම් ඇයි ඔයා මෙච්චර මගෙ පස්සෙන් ආවේ? ඇයි මට ආදරේ කරනවා, මට ඔයා නැති ලෝකයක් නෑ ක්රිෂී කිය කියා දහඅතේ දිවුරුවේ? ඇයි ඉඳුවර? ඒ ඇයි?" "ක්රිෂී, ඉස්සෙල්ලා තමුසෙගෙ තත්ත්වෙ තේරුම් ගන්නවා. තමුසෙ කෙල්ලෙක්ද, කොල්ලෙක්ද කියලා හොඳට හිතලා බලනවා." "එතකොට ඔයා මට ආදරේ කළේ බොරුවටද ඉඳුවර?" "අන්න දැන් තමයි ක්රිෂී ඔයා නියම පොයින්ට් එකට ආවේ. මෙන්න මෙහෙමයි ඩාලිං සිද්ධිය වුණේ." මං දිහා මහා චාටර් විදිහට බලලා අමුතු හිනාවක් දාන ගමන් ඉඳුවර කිව්වේ මහ අමුතු විදිහටය. "ක්රිෂී අපි යමු, මම දන්නවනෙ උඹේ හැටි." මගෙ අතින් අදින ගමන් සාදි කෑගහනවා. ඒකී නම් ඉඳුවරව සත පහකටවත් ගණන් ගන්නේ නැත. "නෑ...
Comments
Post a Comment